Thursday, April 18, 2024

General line - 0115112241

ඉදිරි පැය 48 තුලත් දිවයිනේ පළාත් රැසකට වැසි




ඉදිරි දින කිහිපයේ දී ද දිවයිනට පවතින වැසි තත්ත්වය, තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

 

දිවයින පුරා අහස වළාකුලින් බරව පවතින බවත් ඇතැම් පළාත් වලට තද වැසි අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව කියා සිටියා.

 

විශේෂයෙන් සබරගමුව, බස්නාහිර, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, වවුනියාව සහ මුලතීව් යන දිස්ත්‍රික්කවලත් තද වැසි අපේක්ෂා කර බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ.

 

වැසි පවතින අවස්ථාවල තරමක තද සුළං ද ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.