Friday, April 19, 2024

General line - 0115112241

සාකච්ඡා මුවාවෙන් කඳුළු ගෑස් ප්‍රහාර කළා (UPDATE)




සයිටම් ආයතනයට විරෝධය පළකරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු පාර්ශව කිහිපයක් ක්‍රියාත්මක කළ විරෝධතා පාගමනට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වුණා.

මාළඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළකරමින් ආරම්භ කළ පාගමන ගාලූ පාර ඔස්සේ කොල්ලූපිටිය දෙසට ගමන් කළා.

මෙම පාගමන හේතුවෙන් අවස්ථා කිහිපයකදී කොළඹ ආශ්‍රිත මාර්ගවල රථවාහන ධාවනයට ද බලපෑම් එල්ල වුණා.

කෙසේවෙතත් කොල්ලූපිටිය මංසන්ධියේදී පිරිස පාලනය කිරීම සඳහා පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවයි එහි සිටි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

කඳුළු ගෑස් ප්‍රහාරවලින් පසු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.

ඔහු කියා සිටියේ සාකච්ඡාවක් පවත්වන බව පවසමින් විරෝධතාකරුවන් අසලට පැමිණි පොලිස් නිලධාරින් කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කළ බවයි.

-----------------

සයිටම් විරෝධි සිසුන්ට කඳුළු ගැස් ප්‍රහාරයක් (10-10-2017 16:47)

සයිටම් විරෝධි සිසු සංවිධානය අද (10) සංවිධානය කර තිබු පාගමනට මීට සුළු වේලාවකට පෙර පොලිසිය විසින් කඳුළු ගැස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

එම විරෝධතාකරුවන් විසුරුවා හැරිම සඳහා කොල්ලුපිටිය ප්‍රදේශයේ දී පොලිසිය කඳුළු ගැස් ප්‍රහාරයක් එල්ල කළ බවයි වාර්තා වන්නේ.

-----------------

කොල්ලුපිටිය සිට ගාලු මුවදොර අවට වාහන තද බදයක්(10-10-2017 15:57)

කොල්ලුපිටිය සිට ගාලු මුවදොර දක්වා වූ මාර්ගය තාවකාලීකය වසා තිබෙනවා.

සයිටම් විරෝධි පා ගමන හේතුවෙන් මෙලෙස මාර්ගය වසා ඇති බවයි පොලීසිය පැවසුවේ.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ රථ වාහන තද බදයක් ද ඇති බවයි වාර්තා වන්නේ.