Friday, April 19, 2024

General line - 0115112241

වසර 8ක් මුතිවත රැකපු රාහුල් ප්‍රභාකරන් ගැන කතා කරන්න හේතුව මෙන්න (UPDATE)

වසන්ත පිවිතුරු




එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ මරණය සම්බන්ධයෙන් මෙතෙක් මුනිවත රකිමින් සිටි ඉන්දීය කොංග්‍රස් පක්ෂය වසර 8කට පසු ඒ සම්බන්ධයෙන් කතා කිරිම පිළිබඳව විවිධ චෝදනා එල්ලවී තිබෙනවා.

2009 වසරේ දී ප්‍රභාකරන්ගේ අවසානය දුටු තමන් හා තම නැගණිය වන ප්‍රියංගා ගාන්ධි ද දැඩි ලෙස කම්පාවට පත්වු බවයි ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ උප මහලේකම් රාහුල් ගාන්ධි පසුගියදා ගුජාට් ප්‍රාන්තයේ දී ප්‍රකාශ කළේ.

මෙය හුදෙක් මැතිවරණ ප්‍රචාරණයේ කපටි වැඩක් බවයි ඇතැම් දේශපාලන පක්ෂ පෙන්වා දී තිබෙන්නේ.

2009 වසරේ දී එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන් හා ඔහුගේ පුත් බාලචන්ද්‍රන්ගේ මරණ සම්බන්ධයෙන්  රාහුල් කිඹුල් කඳුළු සලන බවයි ඉන්දීය දේශපාලනඥයන් පෙන්වා දේනනේ.

2009 වසරේ කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ මන්මෝහන් සිංගේ ආණ්ඩුව පාලනයේ සිටි අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ යුද්ධය නිම කිරිම සඳහා අවි ආයුධ ලබාදී ඇත්තේ ඉන්දීය මධ්‍යම රජය විසින් බවයි දකුණු ඉන්දියානු දේශපාලන පක්ෂ සඳහන් කරන්නේ.

එම පසුබිම යටතේ ඉන්දීය කොංග්‍රස් පක්ෂය මහ මැතිවරණයේ දී අන්ත පරාජයට පත්වුණා. ඉන් පසු මැතිවරණ කිහිපයකදී ද එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ ඝාතනයට ඉන්දීය කොංග්‍රස් පක්ෂය සහාය ලබාදුන් බව සිදුකළ ප්‍රචාර හේතුවෙන් එම පක්ෂය අසරණ වූ බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

එය එසේ තිබියදී වසර 8 කට පසු එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ මරණය සම්බන්ධයෙන් ගුජරාට් ප්‍රාන්ත විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් අමතමින් කිඹුල් කඳුළු සැලීම රාහුල් ගාන්ධිගේ මැතිවරණ උපක්‍රමයක් බවයි විශ්ලේෂකයින් පෙන්වා දී ඇත්තේ.

කෙසේ වෙතත් භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාව සමග ගෙන යන සමීප සම්බන්ධතාව හේතුවෙන් කොංග්‍රස් පක්ෂය තවත් අසරණ වී ඇති බවත් පෙන්වා දෙන දේශපාලනඥයන් 2019 මහ මැතිවරණය ඉළක්ක කරගනිමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු රාහුල් ගාන්ධි ආරම්භ කර ඇති බවටයි අනාවරණය කළේ

----------------------------

ප්‍රභාකරන්ගේ සිරුර දැක කම්පා වූ රාහුල් තාත්තාගේ ඝාතකයන්ට සමාව නොදෙන හේතුව මෙන්න(10-10-2017 21:30)

 

අහිංසාවාදයේ සංකේතය ලෙස සැලකෙන ගාන්ධි වංශයෙන් පැවත එන තමන් අනුන්ගේ දුකේ දී වඩාත් කම්පාවට පත්වන චරිතයත් බවට ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ උප මහලේකම් රාහුල් ගාන්ධි පවසනවා.

 

අන් අයගේ දුකේ දී පිහිට වීම තම පරම්පරාවේ පුරුද්දක් බවයි ඔහු ගුජරාට් ප්‍රාන්ත සංචාරයේ දී පවසා ඇත්තේ.

 

එම සංචාරයේ දී රාහුල් ගාන්ධි ගුජරාට් ප්‍රාන්ත ව්‍යාපාරික ප්‍රජාව හමුව තිබෙනවා.  එම අවස්ථාවේ දී කොංග්‍රස් පාලන සමය හා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රශන මතු වුණා.

 

කොංග්‍රස් රජය පාලන සමයේ එල්ටීටීඊ සංවිධානයට උදව් ලබාදී ඇති බවත්  අවස්ථාවට උචිත පරිදි ශ්‍රී ලංකා රජයට මෙන්ම රහසිගතව කොංග්‍රස් රජය එල්ටීටීඊ සංවිධානයට ද සහාය ලබාදුන් බවට එහි සිටි පුද්ගලයෙකු රාහුල් ගාන්ධිගෙන් ප්‍රශ්න කර සිටියා.

 

නමුත් රාහුල් ගාන්ධි එම ප්‍රශ්නයට පිළිතුරු ලබාදීමෙන් වැළකී සිටි බවයි බන්දීය වාර්තා කියා සිටියේ.

 

කෙසේ වෙතත් එල්ටීටීඊ නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ මළ සිරුර දැක තමා මෙන්ම තම සහෝදරිය වන ප්‍රියංගා ගාන්ධි ද දැඩි සේ කම්පා වූ බවයි එහිදී රාහුල් ගාන්ධි පවසා ඇත්තේ.

 

අහිංසාවාදයට මුල්තැන ලබාදීමේ පවුලකින් පැවත එන ඔබ, ඔබගේ පියාගේ ඝාතකයන්ට සමාව නොදීමේ හේතුව කුමක්ද කියා මෙහිදී තවත් පුද්ගලයෙකු විමසා සිටි අතර එයට රාහුල් ගාන්ධි කියා සිටියේ අධිකරණයට අභියෝග කිරිමේ හැකියාවක් තමන්ට නොමැති බවයි.