Friday, March 29, 2024

General line - 0115112241

හොඳ වෙලාවෙත් නරක වෙලාවෙත් හිටිය ප්‍රේක්ෂකයන් ගැන චන්දිමාල් කිව්ව කතාව (VIDEO)

කසුන් කැළුම් ඩුබායි සිට




ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර දෙවන ටෙස්ට් තරගයේ ලකුණු 68කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (10) සමත් වුණා. 

ඒ අනුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයගත්තා.

පකිස්තාන කණ්ඩායමට එරෙහි ඊයේ නිමාවට පත් වු දෙවන ටෙස්ට් තරගයේ අවසන් දිනයේදී පන්දු යැවීම තරමක් අභියෝගාත්මක වූ බවයි ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පවසා සිටියේ. 

එම තරගය ජයග‍්‍රාහීව නිමා කිරීමෙන් පසු නෙත් ස්පෝර්ට්ස්මන් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ශී‍්‍ර ලංකා ටෙස්ට් නායකයා 'හොඳ වෙලාවෙත් නරක වෙලාවෙත් හිටපු ප්‍රේක්ෂකයන්' පිළිබඳවත් මතක් කළා.

දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලියද ජයගැනීම කණ්ඩායමේ මීළග අරමුණ වන බවයි දිනේෂ් චන්දිමාල් මෙහිදී වැඩිදුරටත් කියාසිටියා.

(අදාළ වීඩියෝව පහතින් දැක්වෙයි)