Saturday, April 20, 2024

General line - 0115112241

කොළඹ පදිංචි අඩු ආදායම්ලාභී පවුල් වෙත නිවාස අලෙවි කිරීමට රජය සූදානම් - ඉල්ලුම් කරන්නේ මෙහෙමයි




කොළඹ නගරයේ පදිංචි අඩු ආදායම්ලාභී පවුල් පදිංචි කරවීම සඳහා නිවාස ඒකක 500කින් සමන්විත මහල් නිවාස සංකීර්ණයක් ඉදි කෙරෙමින් පවතිනවා.

අංගොඩ රෝහල් පරිශ්‍රයේ අක්කර 05ක ඉඩම් කොටසක් තුළ මෙම නිවාස ඉදිකෙරෙමින් පවතිනවා. එහි වැඩකටයුතු මේ වන විට අවසන් වීමට ආසන්නවයි පවතින්නේ. 

විවිධ හේතූන් මත කොළඹ නගරයේ පදිංචි අඩු ආදායම්ලාභී පවුල් කොළඹ නගර සීමාවෙන් බැහැර ප්‍රදේශවල පදිංචි කරවීමේ ප්‍රායෝගික අපහසුතා මතු වී තිබෙන බවයි මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

එබැවින් රුපියල් මිලියන 4ත් 5ත් අතර මුදලකට මිල කළ හැකි මෙම නිවාස ඒකක, පුවත්පත් දැන්වීම් මගින් අයදුම්පත් කැඳවා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ද ඇතුළු පහළ මධ්‍යම පාන්තික රජයේ සේවකයින්, කලාකරුවන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, සමාජ ක්‍රියාකාරීන්  ආදී කණ්ඩායම් වෙත අලෙවි කිරීමටයි සූදානම් වන්නේ.

මේ සඳහා වූ යෝජනාව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඊට අනුමැතිය ලැබී තිබෙනවා.