Thursday, March 28, 2024

General line - 0115112241

උමා ඔයට එරෙහි සටනට ජන ගඟක් (UPDATE/PHOTOS)




උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියට එරෙහි ජනතා එකමුතුව සංවිධාන කරන උද්ඝෝෂණයක්  බදුල්ල නගරයේදී අද (11) පැවැත්වුණා. උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාවට විසඳුමක් දීමට රජයට ලබාදී තිබූ කාලය පසුගිය 7දායින් පසුව අවසන් වු බවයි උව පළාත්සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පැවසුවේ.

-------------------------------------------------------

උමා ඔයට එරෙහි සටනත් ඇරඹෙයි

11-10-2017 12:49

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියට එරෙහි ජනතා එකමුතුව සංවිධාන කරන උද්ඝෝෂණයක් මේ වනවිට බදුල්ල නගරයේදී පැවැත්වෙනවා.

කෙසේවෙතත් ජනතාව සමග බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සහ කිණිගම පිහිටි උමා ඔය ආපදා සහන සේවා මධ්‍යස්ථානයට ඇතුළු වී උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිත බවට ලැබුණු තොරතුරු අනුව ඒ පිළිබඳ බණ්ඩාරවෙල පොලිස් ස්ථානය මගින් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

ඒ අනුව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය මගින් අදාළ ස්ථානයන් වෙත නීත්‍යාණුකූල නොවන ආකාරයට ඇතුළු වී එහි දේපළවලට හානි නොකරන ලෙසට සහ මහජන දේපළවලට හානි නොකරන ලෙසට දන්වමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

පසුගිය 06 වැනිදා අධිකරණ නියෝග කඩ කරමින් හම්බන්තොටදී විරෝධතාවයේ නිතර විරෝධතාකරුවන් 40 දෙනෙකු ද මේ වන විට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.