Wednesday, April 17, 2024

General line - 0115112241

බැංකු හොරු නිදැල්ලේ! මත්තල රකින්න ආ අය හිරේ! මේකද යහපාලනේ! හිර ගෙදරට ආ දිනේෂ් කියන කතාව

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට




හම්බන්තොට පවතී විරෝධතාවය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 38 දෙනාගේ සුවදුක් බැලීම සදහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අද (11) තංගල්ල බන්ධනාගාරයට පැමිණියා.   

ඒකාබද්ධ විපක්ෂ නායක දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, සි.බි රත්නායක, ශෙහාන් සේමසිංහ, ජානක වක්කුඹුර, මොහාන් සිල්වා, කංචන විජේසේකර, ප්‍රසන්න රණතුංග ඇතුළු මන්ත්‍රීවරුන් ඒ අතර විය. 

මෙහිදී අදහස් දැක්වූ  පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ ..මත්තල සුරැකීමට පෙරට ආ පිරිස් සිරගතකර ඇතත් මහා බැංකු මංකොල්ලය සිදු කර පිරිස මේ වන විට නිදැල්ලේ සිටින බවයි. යහපාලනය තුලින් ජනතාව  බලාපොරොත්තු වූයේ මෙය නොවන බවද ඔහු කියා සිටියා.