Saturday, April 20, 2024

General line - 0115112241

අදාල නැති ප්‍රශ්නවලට පිළිතුරු සපයා කාලය කන්න සුදානම් නෑ




තමන් යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් තවත් ජනමත විචාරණයක් නොපවත්වන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මෙ පවසනවා.

ජනතාවගේ මතයට මෙන්ම ඔවුන්ගේ ඉල්ලීමට ඉඩදීම වඩාත් යෝග්‍ය වන බවයි ඇය කියා සිටියේ.

අදාල කාරණාව සම්බන්ධයෙන් මීට පෙර ජනතාව තීරණයක් ගෙන ඇති නිසා ජනතාවගේ තීරණයට තමන් ඉඩ ලබාදෙන බවයි තෙරේසා මෙ කියා සිටියේ.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මෙ මෙම අදහස් පල කළේ එරට රූපවාහිනී නාලිකාවක පැවතී සම්මුඛ සාකච්ඡාවක් අතරවාරයේදියි.

රූපවාහිනී නාලිකාවේ මාධ්‍යවේදී ඇසු පැනයකට පිළිතුරු ලබා දෙමින් ඇය මේ බව කියා සිටියා.

යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් යලි ජනමත විචාරණයක් පවත්වන්නේ නම් එහිදී ඔබ ඊට පක්ෂව ඡන්දය ලබා දෙනවාද ? යනුවෙන් රූපවාහිනී නාලිකාවේ මාධ්‍යවේදීයා අසා තිබුනා.

මෙවැනි අනවශ්‍ය ප්‍රශ්නවලට තමන් පිළිතුරු ලබාදීමට සුදානම් නොවන බවත් එමගින් තමන්ගේ කාලය අපතේ යන බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මෙ අදාල රූපවහිනි සංවාදයේදී පිළිතුරු ලබා දුන්නා.