Thursday, April 25, 2024

General line - 0115112241

ටෙස්ට් ජයත් සමග ක්‍රීඩකයින් දෙදෙනෙක් ටෙස්ට් ක්‍රීඩක ලයිස්තුවේ පෙරමුණට!




පකිස්ථානය සමග පැවැති ටෙස්ට් තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් දිමුත් කරුණාරත්න ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ස්ථාන 9ක් ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ අනුව ටෙස්ට් පිතිකරුවන් අතර ඔහුට හිමිවී ඇත්තේ 13 වැනි ස්ථානයයි.

නිරෝෂන් දික්වැල්ල ද ස්ථාන 2ක් ඉදිරියට පැමිණෙමින් 39 වැනි ස්ථානයට ශ්‍රේණිගතවී සිටිනවා. 

මේ අතර පකිස්ථානය සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායම පෙර පුහුණුවීම් අද (11) ආරම්භ කළා.