Thursday, April 25, 2024

General line - 0115112241

උතුරු කොරියාවට එරෙහිව හමුදා මෙහෙයුමකට බ්‍රිතාන්‍යයත් සීරුවෙන්




උතුරු කොරියාවට එරෙහිව හමුදා මෙහෙයුමක් දියත් කිරීම සඳහා සුදානම් වන ලෙස බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේස මෙ සිය හමුදාවට නියෝග කර තිබෙනවා.

උතුරු කොරියාවේ කින් ජොන් උන්ගේ පාලනයට එරෙහිව හමුදා මෙහෙයුමක් දියත් කරන බව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා නිල වශයෙන් නිවේදනය කළා.

ඉන් අනතුරුවයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේස මෙ හමුදා මෙහෙයුමක් සඳහා සීරුවෙන් සිටින ලෙසට තම හමුදාවට නියෝග කර තිබෙන්නේ.

කෙසේ වෙතත් හයවැනි වතාවට උතුරු කොරියාව පසුගියදා ජපානය හරහා දුර දිග මිසයිලයක් අත්හදා බැලුවා.

ඉන් අනතුරුව ජගත් සංවිධානය ඇතුළු රටවල් රැසක් උතුරු කොරියාවට විරෝධය පල කළා. ඊට පෙර ද අවස්ථා කිහිපයක දී උතුරුකොරියාව දුර දිග මිසයිල  අත්හදා බැලුවා.