Saturday, April 20, 2024

General line - 0115112241

අමෙරිකානු ගුවන් යානා කොරියානු අහසේ යුද අභ්‍යාසයක




බෝම්බ හෙළන අමෙරිකානු ප‍්‍රහාරක ගුවන් යානා කොරියානු අර්ධද්වීපයට ඉහළ අහසේ පියාසර කර තිබෙනවා. ඒ දකුනු කොරියාව සමග එක්ව සිදුකරන යුද අභ්‍යාසයකදීයි. ජපන් ගුවන් හමුදාව ද ඊට සහය දක්වා තිබෙනවා. 

අමෙරිකානු ගුවන් යානා දකුණු කොරියානු ගුවන් කලාපය හරහා ගමන් කරමින් මෙම යුද අභ්‍යාසයේ නිරතව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම යුද අභ්‍යාසය පැවැත්වෙන්නේ න්‍යෂ්ටික අත්හදාබැලීම් හේතුවෙන් ඇමෙරිකාව ඇතුලූ ජාත්‍යන්තරයේ රටවල් රැසක් උතුරු කොරියාවට චෝදනා එල්ල කරමින් සිටියදීයි. 

උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජනවලට ප‍්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ ආරක්ෂක රැස්වීමක් පවත්වා ඇති බව ද විදෙස් මාධ්‍ය අද අනාවරණය කළා.