Saturday, April 20, 2024

General line - 0115112241

අශිෂ් නෙහෙරා සමු ගන්න යයි




ඉන්දියාවෙන් බිහි වූ දක්‍ෂ වමත් වේග පන්දු යවන්නෙකු වන අශිෂ් නෙහෙරා කි‍්‍රකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ, වසර 18 ක ජාත්‍යන්තර කි‍්‍රකට් දිවියට සමු දෙමින්. ඔහු සහභාගි වන අවසන් තරගය නවසීලන්තය සමග එළඹෙන නොවැම්බර් පළමු වැනිදා පැවැත්වීමට නියමිතයි.

1999 වසරේ ශී‍්‍ර ලංකාවට එරෙහිව ටෙස්ට් වරම් දිනූ ඔහු මේ වනවිට 38 වැනි වියේ පසු වනවා.

ටෙස්ට් තරග 17 කදී කඩුළු 44 ක් ද එක්දින තරග 120 කදි කඩුළු 157 ක් ද පන්දුවාර විස්ස තරග 26 කදි කඩුලූ 34 ක් ද අශිෂ් නෙහෙරාගේ නම ඉදිරියේ සටහන් වනවා.