Thursday, April 25, 2024

General line - 0115112241

අද ප්‍රදේශ රැසකට මිලිමීටර් 100කට ආසන්න වැසි




දිවයිනේ ඇතැම් ප‍්‍රදේශවලට දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේද අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ පැවසුවේ අද (12) දිනයේද දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි.

කොළඹ, කළුතර, කෑගල්ල, මාතර, මොණරාගල, අම්පාර, පුත්තලම හා රත්නපුරයට මිලිමීටර් සියයකට ආසන්න වර්ෂාපතනයක් ඇදහැළෙනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.

බොහෝ ප‍්‍රදේශවලට සවස දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ගම්පහ, ගාල්ල, නුවර, කුරුණෑගල, මන්නාරම හා නුවරඑළිය යන ප‍්‍රදේශවලටද තදවැසි ඇදහැළෙනු ඇති බවයි පැවසෙන්නේ.