Thursday, April 25, 2024

General line - 0115112241

රන්ජන්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි




අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට නොතීසි නිකුත් කර තිබෙනවා.

පසුගිය අගොස්තු මස 21 වැනිදා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශයකින් අධිකරණ පද්ධතියට හා නීතිඥයන්ට අපහාසයක් සිදු කර ඇතැයි පවසමින් ගොනු කර ඇති පෙත්සම් දෙකක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමටයි ඔහුට මෙලෙස නොතීසි නිකුත් කර ඇත්තේ.

ඒ ඔක්තොම්බර් මස 25 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින්.

මෙම පෙත්සම් අද දින විනිසුරු බුවනෙක අලුවිහාරේ, විනිසුරු සිසිර ද ආබෲ සහ විනිසුරු අනිල් ගුණරත්න යන  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවු අවස්ථාවේ දී වගඋත්තරකරු වන රන්ජන් රාමනායකට මෙලෙස නොතීසි නිකුත් කෙරුණා.

අධිකරනයට අපහාස කිරීමේ චෝදනා යටතේ මෙම පෙත්සම් මාගල්කන්දේ සුදන්ත හිමි ඇතුළු පාර්ශ්වයන් දෙකක් විසින් ගොනු කර තිබෙනවා.