Saturday, April 20, 2024

General line - 0115112241

ලහිරු සහ සුගතානන්ද හිමි බන්ධනාගාරයට




අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර සහ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි යන දෙදෙනා මේ මස 26වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අද (12) නියෝග කළා.

ඒ අධිකරණ නියෝග කඩ කරමින් ඉකුත්දා කොල්ලුපිටියේ පැවැත්වූ විරෝධතාවය සම්බන්ධයෙන් පොලිසිය කළ කරුණු වාර්තා කිරීමකට අනුවයි.

ඉකුත් ජුනි මස 21 වැනිදා කොළඹදී පැවැති සයිටම් විරෝධී පාගමනකින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වෙන නඩුවකින් ඔවුන් ඇප මත මුදා හැර තිබුණා.