Saturday, April 20, 2024

General line - 0115112241

වාහනේ කුඩේ කුඩු..දෙදෙනෙක් එතැනම මරුට - ඒ අතරේ පොලිසිය වාහනේ තිබ්බ සල්ලිවලට කරපු දේ මෙන්න

සුගත් ධර්මප්‍රිය




නාවල රාජගිරිය ප්‍රදේශයේ ඊයේ (11) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අංක 331/c ව්‍යාපාරික ස්ථානය අසළ තාප්පයක සහ විදුලි කණුවක හැපීමෙන් හොන්ඩා වෙසල්ස් රථයක ගමන් ගත් දෙදෙනෙකු මෙලෙස මිය ගොස් තිබෙනවා.

එහි ගමන්ගත් තවත් අයෙකු රෝහල් ගත කිරීමට වැලිකඩ පොලිස් නිලධාරීන් කටයුතු කළා.

අනතුරෙන් රථයට සම්පූර්ණයෙන්ම හානි සිදුව ඇති අතර ගියර් පද්ධතිය ඉදිරි පසින් ඉවතටම විසිව තිබෙනවා.

අනතුර සිදුවූ අවස්ථාවේ රථයේ ලක්ෂ ගණනක දෙස්විදෙස් මුදල්,චෙක්පත් ඇතුළු වටිනා භාණ්ඩ රැසක් තිබී ඇති බවයි වාර්තා වන්නේ.

වැලිකඩ පොලිස් ස්ථානාධිපති සුදත් අස්මඩලගේ උපදෙස් පරිදි දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අශෝක කුමාර මෙම රථයේ ගමන් ගත් පිරිසගේ නෑදෑයන් පැය කිහිපයක් තුළ වැලිකඩ පොලිසියට කැඳවා එම මුදල් ඇතුළු සියලු නීතිමය කටයුතු සඳහා අවශ්‍ය නොවන භාණ්ඩ ඔවුන් වෙත බාර කර තිබෙනවා.