Thursday, April 25, 2024

General line - 0115112241

රටම කතාකරන පන්නිපිටියේ 'මාරක අනතුරේ වාහන රියැදුරු ගැන' තොරතුරු මෙන්න (VIDEO)

සුගත් ධර්මප්‍රිය




පන්නිපිටිය ප්‍රදේශයේදී පසුගිය (8) වනදා සවස  ත්‍රීරෝද රථයක් ,යතුරුපැදියක් සහ මෝටර් රථයක්  ගැටීමෙන් ඇතිවූ අනතුර සම්බන්ධයෙන් මේ මස 17වන දින  අධිකරණයට වැඩිදුර කරුණු දක්වන බව පොලිසිය පවසනවා.

මෙම අනතුරෙන් යතුරුපැදියේ පිටුපස සිටි වයස අවුරුදු 64ක කාන්තාවක්  මියගොස් තිබෙනවා.


මෝටර් රථයේ රියදුරු බීමත්ව  රිය පදවා ඇති බවයි පොලිසිය සඳහන්  කළේ.


එම රියැදුරු හෝමාගම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවා.

එම අනතුර සම්බන්ධයෙන් දැක්වෙන CCTV වීඩියෝව මේවනවිට සමාජ ජාලවල වැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

එම වීඩියෝව පහතින් දැක්වෙනවා.

සම්බන්ධිත පුවත් -

"මේ මනුස්සයට තව බෙන්ස් 10ක් ගන්න ලැබේවා!" - කොට්ටාවේ මාරක රිය අනතුර අතරේ කතාබහට ලක්වන සුපිරි මෝටර් රථයේ යහගුණ කතාව