Thursday, April 25, 2024

General line - 0115112241

ඒ.එස්.පී තිදෙනෙකුට මාරුවීම්! හම්බන්තොටදී කනට ගහපු ඒ.එස්.පීත් මාරු




සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුට සේවා අවශ්‍යතා මත ස්ථාන මාරු වීම් ලබා දී තිබෙනවා. ඒ අනුව සහකාර පොලිස් අධිකාරි ටී එම් එම් ඩබ්ලිව් උඩුගම, කන්තලේ කොට්ඨාසයේ සිට මාරු කර යවා ඇත්තේ ගම්පහ කොට්ඨාසය වෙතයි. ගල්කිස්ස කොට්ඨාසයේ රාජකාරී කළ සහකාර පොලිස් අධිකාරී සී ආර් කොට්ටහච්චි නුවරඑළිය කොට්ඨාසය වෙත මාරු කර යැවූ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. 

මේ අතර, නුවරඑළිය කොට්ඨාසයේ රාජකාරී කරන සහකාර පොලිස් අධිකාරී ඞී එම් ජේ බි දසනායක පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබෙනවා. එම උසස් වීම ලබා දී ඇත්තේ 2016 වසරේ ජුනි මස පළමුවනදා සිට ක‍්‍රියාත්මකවන පරිදියි. 

මේ අතර හම්බන්තොටදී පසුගියදා පැවති විරෝධතාව්‍යාපාරයේදී තරුණයකුට පහරදීමේ චෝදනාවට ලක්ව සිටින සහකාර පොලිස් අධිකාරී ටී. දළුවත්ත ද මාතර කොට්ඨාශය වෙත මාරුකර තිබෙනවා.