Thursday, April 25, 2024

General line - 0115112241

වේදනාවෙන් තොර සැත්කමක් පළමු වරට කුලියාපිටියේදී

දිනේෂ් උපේන්ද්‍ර - කුලියාපිටිය




අසාත්මිකතා සහ ස්වරාලයේ සැත්කම් උගුරෙහි ඇතිවන පිලිකා තත්ත්ව ඇතුළු උගුර, කණ, නාසය හා සම්බන්ධ සියලූම සැත්කම් රුධිර වහනයකින් හා වේදනාවෙන් තොරව සිදු කිරීමේ ශල්‍ය කර්මය කුලියාපිටිය මූලික රෝහලේදඳී පළමුවරට සිදු කෙරුණා. ඒ, විශේෂඥ වෛද්‍ය රිස්නි සක්කාෆ් ගේ ප‍්‍රධානත්වයෙන්.

සාමාන්‍ය සැත්කමකදී රෝගියාගේ රුධිර වහනය අධිකව සිදු වුවත් මෙම ක‍්‍රමය මගින් වේදනාවකින් තොරව රුධිර වහනය අවම මට්ටමේ පවත්වා ගනිමින් සැත්කම සිදු කළ හැකි බවයි වෛද්‍ය රිස්නි සක්කාෆ් පැවසුවේ. කොලඹ ජාතික රෝහලේ දී හැරුණු කොට පිට පළාත් රෝහලකදි මෙම සැත්කම සිදු කෙරුණු පළමු  අවස්ථාව ද මෙයයි.