Friday, April 19, 2024

General line - 0115112241

එක්සත් ජාතීන්ට අලාභයක් කර අමෙරිකාව යුනෙස්කොවෙන් ඉවත් වෙයි!




අමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝ සංවිධානයෙන් ඉවත්ව ඇති බව බීබීසීය පවසනවා.

මීට හේතුව වී තිබෙන්නේ 'යුනෙස්කෝව' ඊශ්‍රායල් විරෝධීව යමින් පක්ෂග්‍රාහීව ක්‍රියා කිරීමයැයි අමෙරිකා එක්සත් ජනපදය පවසනවා. බටහිර ඉවුර අල්ලා ගනු ලැබීම සහ ජෙරුසලමේ පුදබිම්හි සිදු කරන ඊශ්‍රායල් ක්‍රියාකාරකම් 2016 වසරේ ඉදිරිපත් කරන ලද යුනෙස්කෝ යෝජනාවක් මගින් දෝෂ දර්ශනයට ලක්කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ගොඩ නැගීමත් සමඟ ඊට අනුබද්ධව ආරම්භ කරන ලද 'යුනෙස්කෝ' සංවිධානයේ මූලස්ථානය ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටා ඇති අතර එහි සාමාජික රාජ්‍යයන් සංඛ්‍යාව 195 ක් වනවා.

මෙම ඉවත්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව යළි එහි නියෝජනය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා අධීක්ෂණ කණ්ඩායමක් පැරිස් නගරයට යවන බව පවසනවා. එක්සත් ජනපදයේ ඉවත්වීම යුනෙස්කෝව විසින් විග්‍රහ කරනු ලැබ තිබෙන්නේ "එක්සත් ජාතීන්ගේ පවුලට" සිදු වූ අලාභයක් ලෙසය.