Tuesday, April 16, 2024

General line - 0115112241

මධ්‍යම අධිවේගය උඩින්! පරිසර අධිකාරියෙන් කොන්දේසි




මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරිමේදී එහි ඇතැම් ස්ථාන පස් පිරවීම වෙනුවට කණු මතින් ඉදිකළ යුතු බවට උපදෙස් ලබා දී ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. එහි කළමනාකරණ හා ඇගයිම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ 
කාන්ති සිල්වා කියා සිිටියේ මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන ජල විද්‍යාත්මක අධ්‍යයනය මෙතෙක් සම්පූර්ණයෙන් අවසන් කර නොමැති බවයි. 

මෙම අධ්‍යයනය තුළින් ජල වහන පද්ධතියට හානියක් නොවන පරිදී මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදු කළ යුතු ආකාරය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් අදාළ පාර්ශව වෙත ඉදිරිපත් කිරිමට අපේක්ෂා කරන බවයි ඇය වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

කොළඹ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදින් නැගූ ප‍්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් මධ්‍යම පරිසර අධිකාරියේ කළමනාකරණ හා ඇගයිම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය මෙම අදහස් පළ කළා.

මේ අතර, මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කර ඇත්තේ ගම්පහ සහ කුරුණැගල දිස්ත‍්‍රික්කවල ප‍්‍රදේශ කිහිපයක ජනතාව අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් කුලූණු මත සිදු කරන ලෙස ඉල්ලමින් පසුගියදා උද්ඝෝෂණවල නිරත වුණා.