Thursday, April 25, 2024

General line - 0115112241

වෙල්ගම සහ අලුත්ගමගේ ආසන වලින් දොට්ට දමයි! "මම දන්නෙත් ප්‍රවෘත්ති වලින්" ඉදිරි දේශපාලනය ගැන වෙල්ගම කියන කතාව

චම්ලි ඒකනායක




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතුගම ආසන සංවිධායක කුමාර වෙල්ගම සහ නාවලපිටිය ආසන සංවිධායක මහින්දානන්ද අලුත්ගමගේ එම ධූර වලින් ඉවත් කොට ඇති බව වාර්තා වනවා.

මතුගම නව ආසන සංවිධායකවරිය ලෙස හිටපු ඇමැතිනි සුමිත්‍රා ප්‍රියංගනී අබේධීර සහ නාවලපිටිය නව ආසන සංවිධායක ලෙස මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එච්.ඒ. රණසිංහ පත්කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් www.nethnews.lk වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පැවසුවේ තමා ඒබව දන්නේ ජනමාධ්‍ය ඔස්සේ බවයි. මෙතෙක් ඒ සම්බන්ධයෙන් තමා නිල වශයෙන් දැනුවත් කර නොමැති බව ඔහු පවසනවා. ඉදිරියේදී තම දේශපාලන කටයුතු දැනටත් වඩා උනන්දුවෙන් කරගෙන යන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.