Friday, March 29, 2024

General line - 0115112241

වර්ජනය අවසන් වුණත් අදත් දුම්රිය අඩුයි




දුම්රිය එන්ජින් රියදුරන් සහ නියාමකවරුන් ක‍්‍රියාත්මක කළ වැඩවර්ජනය ඊයේ (12) පස්වරුවේ අවසන් වුව ද අද උදෑසන ද දුම්රිය ධාවනයේ අඩුවක් දක්නට ලැබුණා. දුම්රිය පාලක මැදිරිය පැවසුවේ උදෑසන සාමාන්‍ය දුම්රිය ගමන්වාරවලින් සියයට හැටක් පමණ අද දිනයේ ධාවනය කෙරුණු බවයි.

දුම්රිය එන්ජින් රියදුරන් සැළකිය යුතු පිරිසක් සේවයට වාර්තා කර තිබුණ ද ඊට සාපේක්ෂව දුම්රිය නියාමකවරුන් සේවයට වාර්තා කිරීම අඩු වීම මීට හේතු වූ බවයි දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේ.