Friday, March 29, 2024

General line - 0115112241

අලුත් කඩේ උසාවිය වෙඩි හඬින් ගිගුම් දෙයි! පැන යන්න හැදූ සැකකරුවකු අල්ලා ගනී




අලූත්කඬේ අධිකරණ භූමියේදී පළා යාමට තැත් කළ සැකකරුවෙකුට බන්ධනාගාර නිලධාරීන් අද (13) වෙඩි ප‍්‍රහාරයක් එල්ල කළා. මෙලෙස පලා යාමට උත්සාහ කඅර ඇත්තේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි යුක්රේන ජාතිකයෙකුටයි. මෙම සැකකරු වෙනත් නඩුවකට අදාළව මරණ දඬුවම නියම වී සිටින අයෙකු බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

සැකකරු පළා යන අවස්ථාවේ සිදු කළ වෙඩි ප‍්‍රහාරයක් බන්ධනාගාර නිලධාරියෙකුගේ පාදයක වැදීමෙන් එම නිලධාරියා තුවාල ලබා තිබෙනවා. පළා යාමට තැත් කළ යුක්රේන ජාතිකයා බන්ධනාගාර නිලධාරීන් විසින් සිය භාරයට ගනු බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.