Saturday, April 20, 2024

General line - 0115112241

වැලිකතරේ එක්දින සටන වෙනුවෙන් 'විදෙස්ගත ලාංකිකයන්' සුදානම් වන අයුරු 

කසුන් කැළුම් - ඩුබායි සිට




ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (13) ඩුබායි හිදී වැලිකතරේ එක්දින සටන අරඹන්නේ ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවකගේ ප්‍රීතිඝෝෂා මැද බවටයි දැනට විශ්වාස කරන්නේ.

සිකුරාදා දිනයක් වන අද  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ද නිවාඩු දිනයක් වන නිසා මෙම තරගය  නැරඹීමට මෙහි සිටින  ශී‍්‍ර ලාංකිකයින්ගේ විශාල උනන්දුවක් පවතිනවා.

තරගය නැරඹීම සඳහා  ශ්‍රී ලාංකිකයන් බහුතරයක් ග්‍රීන් සෝන් ප්‍රේක්ෂකාගාරයට රැස්වෙනු ඇති බවයි වාර්තා වන්නේ.

තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් ආරම්භ වන්නේ පස්වරු 4.30ට වන අතර ඊයේ (12) රාත්‍රී සිටම මෙම තරගයට සහභාගිවීමේ අරමුණින් තැන්තැන්වල ප්‍රීතිඝෝෂා පවත්වමින් ලාංකිකයන් රැඳී සිටියේ මෙසේයි.