Friday, April 19, 2024

General line - 0115112241

නවතා තිබූ බස් රථයේ ගැටී යතුරුපැදිකරු මියගිය හැටි (PHOTOS)

රොමේෂ් මධුෂංඛ - වන්නිය




කිලිනොච්චිය ඒ-9 ප්‍රධාන මාර්ගයේ අලිමංකඩ අමයාල්පුරම් ප්‍රදේශයේදී නවතා තිබූ බස් රථයක යතුරුපැදියක් ගැටීමෙන් ඊයේ (12) යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

කොළඹ සිට යාපනය දක්වා ගමන්ගත් සුඛෝපභෝගී බස්රථයක් පෙරේදා දින අලිමංකඩ ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබූ අතර එම බස් රථය ඊයේ දින දක්වා ඉවත් නොකිරීම හේතුවෙන් යතුරුපැදිකරු එම බස් රථයේ වැදීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අදාළ බස් රථය විපතට පත් වූ අවස්ථාවේදී අනතුරකට ලක්ව ඇති බවට කිසිදු සංඥාවක් නොමැති වීම හේතුවෙන් මෙම අනතුරු සිදුව ඇති බවට ප්‍රදේශවාසීන් විසින් කියා සිටියා. 

අනතුරින් මිය ගොස් ඇත්තේ යපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි අයෙකු වන අතර අනතුර සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබනවා.