Thursday, April 18, 2024

General line - 0115112241

අමෙරිකානු ඩොලර් ලක්ෂයක් සමගින් කතක් අත්අඩංගුවට




අමෙරිකානු ඩොලර් ලක්ෂයක් මුදලක් සමග ශ්‍රි ලාංකික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියාවේ චෙන්නායි සිට මෙරටට පැමිණි මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

මෙම විදේශ මුදල් තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට අධිකයි. සැකකාර කාන්තාව සිය අත්බෑගයේ සඟවා මෙම මුදල් තොගය මෙරට රැගෙන ඒමට උත්සාහ කර ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න පැවසුවේ.