Saturday, April 20, 2024

General line - 0115112241

2017 ඩයලොග් රිද්ම රැයක් මෙම මස 29 BMICH හිදී




ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රාහකත්වයෙන් 2017 ඩයලොග් රිද්ම රැයක් ප්‍රසංගය මේ මස 29 දා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙනවා.

ඒ පිළිබඳ අදහස් දැක්වූ ඩයලොග් ආසියාටා සමාගමේ වෙළද නාම හා මාධ්‍ය සාමාන්‍යාධිකාරී හර්ෂ සමරනායක අදහස් දක්වා සිටියා.

ඩයලොග් ආසියාටා සමාගම මෙරට කලාකරුවන් වෙනුවෙන් කැපවු ආයතනයක් බවයි ඔහු කියා සිටියේ.

කලාකරුවන් නියෝජනය කරන විවිධ වැඩසටහන් සඳහා ද ඩයලොග් ආසියාටා සමාගම දායකත්වය ලබාදෙන සඳහන් කළ වෙළද නාම හා මාධ්‍ය සාමාන්‍යාධිකාරී හර්ෂ සමරනායක වැඩිදුරටත් කියා සිටියේ ඩයලොග් රිද්ම රැයක් ප්‍රසංගය සඳහා තමන්ට දෙවන වරටත් අනුග්‍රාහකත්වය ලබාදීමට හැකිවු බවයි.