Thursday, April 25, 2024

General line - 0115112241

ගංවතුර සහ නාය යෑම් වැඩසටහන්වල ප්‍රගතිය අගමැති සොයා බලයි




ගංවතුර සහ නායයාම් හේතුවෙන් ආපදාවට පත් ජනතාවට සහන ලබාදීම සහා වෙන් කළ මුදල් මෙම වසර අවසන් වීමට පෙර ඔවුන්ට ලැබිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් සිදුවූ ආපදා සඳහා සිදුකළ වැඩසටහන්වල ප්‍රගති සමාලෝචනය අද (13) දින නීතිය සාමය දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායකගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දෙනියාය කොටපොළ මොරවක් කෝරළේ තේ නිපදවන්නන්ගේ සමුපකාර සමිති ශාලා ශ්‍රවනාගාරයේදී පැවැත්වුණා.

මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන ඇතුළු රාජ්‍ය රාජ්‍ය නොවන ආයතනවල නිලධාරීන් රැසක් පැමිණ සිටි අතර ජනතාවට සහන ලබා දීමේදී උදාසීන අයුරින් ක්‍රියාකරන නිලධාරීන් දෝෂ දර්ශනයට ලක් කළ අතර දෙසැම්බර් වන විට මෙම මුදල් ජනතාවට ලබා දීම සඳහා කඩිනමින් විඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස  අග්‍රාමාත්‍යවරයා බලධාරින්ට නියෝග කළා.