Thursday, March 28, 2024

General line - 0115112241

මැතිවරණ දිනය ගැන විෂය භාර අය කළ කතා මෙන්න (VIDEO)

නිශාන් ද සිල්වා




පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් අද (13) පැවති මාධ්‍ය සාකච්ඡා කිහිපයක දී අදහස් පළ වුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර කියා සිටියේ කොට්ඨාස ක්‍රමයට පවත්වන මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරියේ දී ගැසට් කිරිමට නියමිත බවයි.

කෙසේ වෙතත් මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ නිසි බලධාරියා වන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා හා කොමිසමේ සභාපතිවරයා අතර විශේෂ හමුවක්ද අද (13) පැවැත්වුණා.

මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පළ කළ අදහස් පහතින් නරඹන්න

 

ඉදිරියේදී පැවැත්වෙන සියලූ මැතිවරණයන්ට එක් පවුලකින් එක් අයෙකු පමණක් ඉදිරිපත් විය හැකි පරිදි රටේ දේශපාලන පක්ෂ සමග සදාචාරාත්මක එකතාවකට එළඹෙන බවයි අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මෙහිදී කියා සිටියේ.