Wednesday, April 17, 2024

General line - 0115112241

2000ට සාපේක්ෂව හාමතේ අඩුවීමක් - ශ්‍රී ලංකාවට 84 වන ස්ථානය




ලොව හාමතේ පෙලෙන රටවල ලැයිස්තුව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අමෙරිකාවේ වොෂිංටන් නුවර කේන්ද්‍රවූ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන මගින් සිදු කරන ලද නවතම සමීක්ෂණ වාර්තාවක් මගින් මෙය අනාවරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අවම හාමතෙන් පෙලෙන රටවල් 3 ප්‍රකාශයට පත්කර ඇති බවයි ලෝක ආහාර වැඩසටහන කියා සිටියේ.

චිලී රාජ්‍යය, කියුබාව හා තුරුක්කිය එම ලැයිතුවේ පිළිවෙලින් ප්‍රථම දෙනව සහ තෙවන ස්ථානවල පසුවනවා.

අප්‍රිකානු රටවල 43.5% සිට 60% අතර ප්‍රතිශතයක් ලබා ගනිමින් හාමතෙන් පෙලෙන රටවල් අතර ප්‍රමුඛ ස්ථානයට පත්ව තිබෙනවා.

මෙම ලැයිස්තුවේ චීනය 27 වන ස්ථානයේ පසුවන අතර නේපාලය 72 වන ස්ථානයට හිමිකම් කියනවා.

යුද්ධයෙන් පීඩාවට පත්වූ ඉරානය 78 වන ස්ථානයේ පසුවනවා.

අදාළ ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 84 වන ස්ථානයයි.

බංගලාදේශයට 88 වන ස්ථානය හිමිව ඇති අතර ආර්ථික සම්බාධක රැසක් හමුවේ උතුරු කොරියාවට 92 වන ස්ථානය හිමිවුණා.

සමීක්ෂණයේ දී 31.4% ප්‍රතිශතයක් ලබාගනිමින් ඉන්දියාව පසුවන්නේ 100 වන ස්ථානයේයි.

ආසියානු කලාපයේ හාමතේ පෙලෙන රටවල් අතර 3 වන ස්ථානයේ ඉන්දියාව පසුවීම ද විශේෂිතයි.

මෙම සමීක්ෂණයට අනුව පාකිස්ථානය 106 වන ස්ථානයට හිමිකම් කියනවා.

2000 වසරට සාපේක්ෂව මෙම වසරේ දී 27% න් හාමතේ පෙලෙන ලොව රටවල සංඛ්‍යාව අවම වී ඇති බවයි ලෝක ආහාර වැඩසටහන අනාවරණය කර තිබෙන්නේ.

ලොව පරා පුද්ගලයන් 9 න් එක් අයෙකු හාමතෙන් පෙලෙන බවයි ලෝක ආහාර වැඩසටහන කියා සිටියේ.