Friday, April 19, 2024

General line - 0115112241

මහ වැසි මැද ගුවන්ගත කළ ඇන්ටනෝව් යානයක් මුහුදට කඩා වැටේ




ගුවන් යානයක් මුහුදට කඩා වැටීමෙන් හතර දෙනෙකු මරණයට පත් වී තවත් හය දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අයිවරි කෝස්ට් රාජ්‍යයේ අගනගරය වූ අබිජාන් හි ගුවන්තොටුපොළින් පිටත්වූ මෙම 'ටර්බෝප්‍රොප් ඇන්ටනොව්' යානය ජිහාඩ් කැරලිකරුවන්ට එරෙහිව සටන් වැදී සිටින ප්‍රංශ හමුදාවට භාණ්ඩ ප්‍රවාහනය කරන්නකි.

මාධ්‍ය වාර්තා කර තිබුණේ යානය අනතුරට පත්වන මොහොතේ දස දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සිටි බවය.

අධික වර්ෂාව මධ්‍යයේ ගුවන් ගත කර ඇති මෙම යානය ඉන් මද වේලාවකට පසු කඩා වැටී තිබෙනවා.