Thursday, March 28, 2024

General line - 0115112241

පිරිසක් සමග වෑන් රථය හැටන් ඔයට පෙරළෙයි (PHOTOS)

හැටන් - රංජිත් රාජපක්ෂ




කොළඹ සිට හැටන් දක්වා මගින් පිරිසක් රැගෙන ධාවනය වු වෑන් රථයක් හැටන් මල්ලිඅප්පු ප‍්‍රදේශයේදි අඩි සීයයක් පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් තිබෙනවා.

වෑන් රථය ප්‍රපාතයෙන් හැටන් ඔයට පෙරලී යෑමෙන් එහි ගමන් ගත් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා. තුවාලකරුවන් දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කෙරුණා.

අද (15) උදෑසන 6.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර එළඹෙන දිපාවලී උත්සවය වෙනුවෙන් කොළඹ ප‍්‍රදේශයේ රැකියාවල නිරත වතුකරයේ පිරිසක් දිපාවලී උත්සවය සඳහා පැමිණෙමින් සිටියදි මෙම අනතුර සිදුවී තිබෙනවා.

වෑන් රථය අනතුරට පත්වන අවස්ථාවේ වෑන් රථය තුළ හයදෙනෙකු ගමන් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.