Thursday, April 25, 2024

General line - 0115112241

වසර 25කට පසුව බැංකොක් නගරය ජලයෙන් වැසෙයි




මිලිමීටර 200 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබීමත් සමග අද (14) බැංකොක් නගරය අඩි තුනක් පමණ ජලයෙන් යටවී තිබෙනවා.

මේ හේතුවෙන් අත්‍යාවශ්‍ය නොවන ගමන්වලින් වැළකී නිවෙස්වල සිටින ලෙස බැංකොක් බලධාරින් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 

තායිලන්ත අගනුවර වීථි ජල මාර්ග බවට පත්කරමින් මෙලෙස ජල ගැල්මක් හටගෙන ඇත්තේ වසර 25කට පසුව බවයි බැංකොක් නගරාධිපතිවරයා කියා සිටියේ.