Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් නව වාර්තාවක් ගැන ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය කියන කතාව මෙන්න (PHOTOS)

තරංග රුක්ෂාන් ජයසේකර




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්දින ක්‍රිකට් පිටියේ දිගින් දිගටම ලබන පරාජයන් සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් මතුව තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය එම පරාජයන් වාර්තා කර ඇත්තේ ඒ ඔස්සේ බිහි වූ නව ලෝක වාර්තාවක් ද අනාවරණ කරමින්.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසරේ එක් දින තරග 22කට සහභාගී වී ඇතත් ඉත් තරග 17ක්ම පරාජය වී තිබෙනවා.

ජයග්‍රහණය කර ඇත්තේ තරග 04ක් පමණයි. එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා.

එහි ජයග්‍රහණ - පරාජ අනුපාතය බින්දුවයි දශම දෙකයි තුනයි පහක්. බංග්ලාදේශය හා සිම්බාබ්වේ යන කණ්ඩායම් හැරගත් කල එය කිසියම් කණ්ඩායමක් වසරක් තුළ ලැබූ අඩුම ජයග්‍රහණ - පරාජ අනුපාතයයි.

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමයි. ඒ, 2009 වසරේදියි. ශ්‍රී ලංකා පිල මෙවැනි දුර්වල ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කර ඇත්තේ 1999න් පසු පළමු වරටයි.

එමෙන්ම මේ වසරේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සාමාන්‍යය 47.31ක්.

එය 2003 වසරෙන් පසු කිසියම් කණ්ඩායමක පන්දු යවන්නන්ගේ දුර්වලම සාමාන්‍යය ලෙසටයි සැලකෙන්නේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයද 29.89ක්.

කණ්ඩායමේ පිතිකරුවන්ගේ පන්දු යවන්නන්ගේ සාමාන්‍යයන් අතර වෙනස ඍණ 17.42ක් වනවා.

බංග්ලාදේශය හා සිම්බාබ්වේ යන කණ්ඩායම් හැර ගත් කල එය කිසියම් කණ්ඩායමක් වසරක් තුළ වාර්තා කළ අඩුම අගයයි.

2006 වසරේදී එම වාර්තාවට මීට පෙර හිමිකම් කිවේ එංගලන්තයයි.