Wednesday, April 24, 2024

General line - 0115112241

ක්‍රිකට් පිටිය මවිත කරමින් දැවැන්ත වාර්තාවක් තැබේ (PHOTOS)




එක්දින ක‍්‍රිකට් තරග පිටියේ වාර්තා කළ දැවැන්තම ජයග‍්‍රහණය වාර්තා කිරීමට දකුණු අප‍්‍රිකාව ඊයේ (15) සමත් වුණා.

ඒ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි පළමු එක්දින තරගය කඩුලූ 10කින් ජයගනිමින්.

දකුණු අප‍්‍රිකානු ආරම්භක පිතිකරුවන් සිය රට මෙම වාර්තාවට රැගෙන ගියේ ලකුණු 279ක් හඹා යමින්.

එය කිසිඳු කඩුල්ලක් බිඳ නොවැටී එක්දින කි‍්‍රකට් පිටියේ හඹා ගොස් ජයග‍්‍රහණය කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි සැළකෙන්නේ.

එහිදී ක්වින්ටන් ඩී. කොක් නොදැවී ලකුණු 168ක් සහ හෂීම් අම්ලා නොදැවී ලකුණු 110ක් රැස්කළා.

ඒ අනුව දකුණු අප‍්‍රිකාවෙන් බිහි වූ සාර්ථකම ආරම්භක පිතිකරු යුවළ බවට ඔවුන් දෙදෙනා පත්ව තිබෙනවා.