Thursday, March 28, 2024

General line - 0115112241

මගීන් 151 රැගත් ගුවන් යානයේ දෝෂයක් - අඩි 32,000ක් ඉහළදී සිදු වූ දේ (PHOTO)




ඉන්දුනීසියාවේ බාලි දූපත බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක තාක්ෂණික දෝෂයක් හටගෙන තිබෙනවා.

එයාඒෂියා (AirAsia) A320 නම් මෙම ගුවන් යානය ගමන් ආරම්භ කර තිබුණේ  ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරින්.

මේ අවස්ථාවේදී ගුවන් යානයේ මගීන් 151 දෙනෙකු සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන්.

දෝෂයක් හටගත් බවට නියමුවාට අනතුරු ඇඟවීමේ සංඥාව ලැබී ඇත්තේ යානය අඩි  32,000ක් ඉහළින් පියාසර කරන අතරතුරදීයි.

මේ හේතුවෙන් යානය වහා ගොඩ බැස්සවීමට අවශ්‍ය බව නියමුවා පාලක මැදිරියට දන්වා තිබෙනවා.

අවසානයේ යානය ගමන් ආරම්භ කළ ඕස්ට්‍රේලියාවේ පර්ත් තොටුපළටම යානය යළි ආරක්ෂිතව ගොඩබස්වා ඇති බව සඳහන්.