Thursday, March 28, 2024

General line - 0115112241

පාකිස්ථානයට ලකුණු 32ක ජයක් (PHOTOS)(UPDATE)

කසුන් කැළුම් අබුඩාබි සිට




ශ්‍රී ලංකා සහ පකිස්ථාන කණ්ඩායම් අතර අබුඩාබිහිදී  ඊයේ (16) පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය පාකිස්ථාන කණ්ඩායම ලකුණු 32න් ජයග්‍රහණය කර තිබෙනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 219 ක් රැස් කිරිමට සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ පකිස්ථාන ක්‍රිකට් නායක සෆ්රාස් අහමඩ් මුලින් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව ෆකර් සමාන් සමඟින් අහමඩ් ශෙෂාඩ් පකිස්ථාන ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසුනු අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 17 කට සීමා කරමින්, ෆකර් සමාන් ලකුණු 11 කට දැවී ගියා.

අහමඩ් ශෙෂාඩ් ලකුණු 8 කට දැවී ගිය අතර, මොහොමඩ් හෆීස් ලකුණු 8 යි.

ශොයිබ් මලික් ලකුණු 11 ට දැවී ගියා.

නායක සෆ්රාස් අහමඩ්ට රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 5 ක් පමණයි.

මෙම තරගයේ දී ශඩාබ් ඛාන් සිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල අර්ධ ශතකය වාර්තා කළා.

බාබර් අසාම් එක්දින දිවියේ 7 වැනි ශතකය වාර්තා කළ අතර විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වු ලහිරු ගමගේ ලකුණු 57 ට කඩුලු 4 ක් දවා ගත්තා.

තිරස පෙරේරා ලකුණු 34 ට කඩුලු 2 ක් දවා ගැනීමට ඊයේ (16) සමත් වුණා.

කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිලට ලකුණු 220 ඉළක්කයක් හිමි වුණා.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48ක් අවසානයේ සියළු දෙනා දැවී ලබාගැනීමට හැකි වුයේ ලකුණු 187 ක් පමණයි.

ඒ සම්බන්ධයෙන් අබුඩාබි සිට වැඩිදුරටත් තොරතුරු ගෙන එන අප වාර්තාකරු කසුන් කැළුම්..

----------------------

අසාම්ගෙන් පිට පිට ශතක - ශී‍්‍ර ලංකාවට ලකුණු 220ක ඉලක්කයක් (16-10-2017 20:26)

පාකිස්තානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින කි‍්‍රකට් තරගය අබුඩාබි හි ෂෙයික් සෙයිඞ් කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙනවා.

පළමුවෙන් පන්දුවට පහර දෙන පාකිස්තානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 219ක් රැස් කළා.

පළමු එක්දින තරගයේදී ශතකයක් වාර්තා කළ බාබර් අසාම් මෙම තරගයේදීද ශතකයක් වාර්තා කිරීමට  සමත් වුණා.

සාදාබ් ඛාන් සිය මංගල අර්ධ ශතකය අද වාර්තා කළ අතර ඔහු නොදැවී ලකුණු 52ක් රැස් කළා. ලහිරු ගමගේ  සිය එක්දින දිවියේ හොදම පන්දු යැවීම අද වාර්තා කරමින් ලකුණු 57කට කඩුලූ 4ක් දවා ගත්තා.

------------------------

ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ පාකිස්ථානු මුල් පෙළ අසරණ කරයි (16-10-2017 19:15)

පාකිස්ථානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින කි‍්‍රකට් තරගය අබුඩාබි හි ෂෙයික් සෙයිඞ් කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙනවා.

පළමුවෙන් පන්දුවට පහර දෙන පාකිස්තානු කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 36 ක් අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 150 ක් ලබා සිටියා.

පළමු එක්දින තරගයේදී ශතකයක් වාර්තා කළ බාබර් අසාම් මෙම තරගයේදීද අර්ධ ශතකයක් වාර්තා කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.

බාබර් අසාම් අද (16) වාර්තා කළ සිය එක්දින කි‍්‍රකට් දිවියේ 7 වන  අර්ධ ශතකයයි.

පාකිස්ථානු ඉනිමේ මුල් කඩුලූ 5 ලකුණු 79ක් තුළ බිඳ වැටුණා.

නායක සර්ෆාස් අහමඞ් ලකුණු 5 කට සහ සොයිබ් මලික් ලකුණු 11කට දවා  ගැනීමට තිසර පෙරේරා සමත් වුණා.

පාකිස්තානු ඉනිමේ මුල් පෙළට දැඩි පීඩනයක් එල්ල කිරීමට සුරංග ලක්මාල් සහ ලහිරු ගමගේ සමත් වුණා.

 

-----------------------------

පාකිස්ථාන කඩුළු 3ක් බිඳ වැටෙයි (16-10-2017 17:21) 

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදෙන පකිසතාන කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුළු දෙකක් දැවී ලකුණු 40ලබාගත්තා.

ඒ පන්දුවාර එ10ක් අවසානයේයි.

---------------------------

දෙවන තරගයේ කාසියේ වාසිය පාකිස්ථානයට(16-10-2017 16:21)

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසිය වාසිය පාකිස්ථානු නායයා දිනා ගත්තා.

ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

මෙම තරගය පැවැත්වෙන්නේ අබුඩාබිහිදියි.