Friday, March 29, 2024

General line - 0115112241

නිල කාලය අවසන් වුනත් ජනතාවට අඩුවක් කරන්න එපා




නිල කාලය අවසන් වුවද පළාත් සභා මගින් කෙරෙන මහජන සේවාවන් සහ දෛනික කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව සිදු කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට උපදෙස් ලබාදී තිඛෙනවා.

, ජනාධිපති කාර්යාලයේදී අද (16) පැවති සාකච්ඡාවකදියි.

නිල කාලය අවසන් වූ පළාත් සභාවල ඉදිරි කටයුතු විමසා බැලීම සහා මෙම සාකච්ඡාව පැවැත්වුණා.

මේ වනවිට නිල කාලය අවසන්වී ඇති උතුරු මැද, සබරගමුව සහ නැගෙනහිර යන පළාත් සභාවල කටයුතු සිදු කිරීමේදී මතුව තිබෙන ගැටලූ පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සහන් කළේ.

එමෙන්ම පළාත් සභා වෙත පැවරී ඇති කටයුතු වෙනත් ආයතනවලට පාලනය කිරීමට ඉඩ නොතැබීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා විසින් මෙහිදී නිලධාරීන්ට පෙන්වා දී තිබෙනවා.

අදාළ පළාත් තුළ දේශිය සහ විදේශිය අරමුදල් යොදවමින් සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති කෙරෙහිද විශේෂ අවධානයක් යොමු කරන ලෙසයි ජනාධිපතිවරයා පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට දැනුම් දී ඇත්තේ.

එම සියලූ කටයුතු පළාත් ආණ්ඩුකාරවැන්ගේ උපදෙස් මත සිදු කරන ලෙසද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් දී තිබෙනවා.