Thursday, April 25, 2024

General line - 0115112241

දීපවාලි වෙනුවෙන් මධ්‍යම පළාතේ පාසල් වැසේ




මධ්‍යම පළාතේ සියලූම ද්‍රවිඩ පාසල්වලට හෙට නිවාඩු ලබා දී තිබෙනවා. පළාත් හින්දු අධ්‍යාපන අමාත්‍ය එම් රාමේෂ්වරන් සහන් කළේ දීපවාලි උත්සව සමය වෙනුවෙන් එම නිවාඩුව ලබා දෙන බවයි.

ඒ වෙනුවෙන් ලබන 28වන සෙනසුරාදා පාසල් පැවැත්වෙන බවද අමාත්‍යවරයා කියා සිටියා.

මේ සම්බනධයෙන් පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක සහ මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා ද දැනුවත් කර ඇති බවයි පළාත් හින්දු අධ්‍යාපන අමාත්‍ය එම් රාමේෂ්වරන් පැවසුවේ.