Tuesday, April 23, 2024

General line - 0115112241

TNA එකට ගම්මන්පිළ දුන් පණිවුඩය (VIDEO)




ශ්‍රී ලංකාවේ කිසිඳු දේශපාලන සිරකරුවෙකු නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ පවසනවා.

උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් ඇතුළු පිරිසක් දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතා සිදු කළ ද ඔවුන් දේශපාලන සිරකරුවන් නොව ත්‍රස්තවාදීන් බවයි මන්ත්‍රීවරයා සහන් කළේ.

ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයන් වු 12000 අත්අඩංගුවේ පසු වු අතර ඔවුන් පුනරුත්ථාපනය කර සමාජගත කර ඇති අතර අධිකරණය මගින් ඔප්පු වූ ත්‍රස්තවාදී පිරිස් සිරගත කර ඇති බවයි ඔහු කියා සිටියේ.

දෙමළ ජාතික සන්ධානය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවට ද මෙහිදී චෝදනා කෙරුණා.

දේශපාලන සිරකරුවන් යැයි පවසා අපරාධකරුවන් නිදහස් කර ගැනීමට උත්සහ කරන දෙමළ ජාතික සන්ධානය මානව හිමිකම් චෝදනා කරමින් රණවිරුවන් සිරගත කිරිමේ වැඩපිළිවෙලක ද නිරත වන බවයි මන්ත්‍රිවරයා අනාවරණය කළේ.

මන්ත්‍රී උදය ගම්මන්පිල මෙම අදහස් පළ කළේ කොළඹදී අද (16) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.