Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට හිමි වූ “ජී ට්වෙන්ටි ෆෝ සමුළුවේ” නායකත්වය




කුඩා ආර්ථීකයන් හිමි රටවල් 24ක් නියෝජනය කෙරෙන, “ජී ට්වෙන්ටි ෆෝ සමුළුවේනායකත්වය මුදල් අමාත්‍ය මංගල සමරවීරට හිමිව තිබෙනවා.

දියුණු හා මධ්‍යම ආර්ථීකයන් හිමි රටවල් 77ක් නියෝජනය කෙරෙන ජී සෙවන්ටි සෙවන් සමුළුවට අනුයුක්තව ලෝකයේ දක්ෂිණ සහයෝගිතාව සහා මෙම  ජී ට්වෙන්ටි ෆෝ සමුළුව නිර්මාණය කර තිබෙනවා.

ඊට ඉන්දියාව, මියන්මාරය, බංග්ලාදේශය ඇතුළු ආසියාතික රටවල් කිහිපයක් ද ඇතුළත්. ජී ට්වෙන්ටි ෆෝ  සමුළුවේ නායකත්වය මීට පෙර හිමිව තිබුණේ ඉතියෝපියානු මුදල් අමාත්‍යවරයාටයි.

ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථීක ප්‍රතිසංස්කරණ මෙන්ම  පෞද්ගලික අංශය ද ඒකාබද්ධ කරගනිමින් සිදු කෙරෙන සංවර්ධනයන් සැළකිල්ලට ගනිමින් මංගල සමරවීර අමාත්‍යවරයා මෙම සමුළුවේ නායකත්වයට පත් කර තිබෙනවා.