Thursday, April 25, 2024

General line - 0115112241

අපේ අම්මව ගෙන්වා දෙන්න

ජුඩ් සමන්ත - පුත්තලම




ඊශ්‍රායලයේ හයිෆා නගරයේ  රම්බාම් රෝහලේ ප්‍රතිකාර ලබන තම මව සුවපත් කර නැවතත් මෙරටට ගෙන්වා දීමට කටයුතු කරනව ලෙස ඇයගේ දියණියන් තිදෙනා වගකිව යුතු අයගෙන් ඉල්ලා සිටිනවා.

කිසියම් රෝගී  තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇත්තේ හලාවත - ආරියගම පදිංචිකාරියක වූ ආර්.ආර්.එම්.අශෝකා ලාලනී නම් 54 හැවිරිදි තිදරු මවක්.

2008 ජුනි මස 23 වැනිදා මෙරට පිහිටි පිළිගත් විදේශ රැකියා නියෝජිත ආයතනයකින් ඇය ප්‍රථම වතාවට ඊශ්‍රායලය බලා ගොස් ඇති බව සඳහන්.

ඒ ගෘහ සේවිකාවක් ලෙස සේවය කිරීම සදහායි.

2016 අගෝස්තු මස 06 වැනිදා මෙරටට පැමිණ ඇති ඇය නැවතත් පසුගිය සැප්තැම්බර් මස 18 වැනිදා ඊශ්‍රායලය බලා ගොස් තිබෙනවා.

ඊශ්‍රයලයේ නාසරෙත් නුවර නිවසක ඇය ගෘහ සේවිකාවක් ලෙස සේවය කර ඇති බව දරුවන් කියා සිටියා.

සැප්තැම්බර් මස 28 වැනිදා එරට සිටින ශ්‍රී ලංකාකික කාන්තාවක් ලාලනීගේ දියණියක් අමතා පවසා ඇත්තේ ලාලනී කිසියම් රෝගී තත්ත්වයක් නිසා බිම වැටී සිටියදී හමුවූ බවත්,ඇයව ගිලන් රථයක නංවා හයිෆා නගරයේ රම්බාම් රෝහල වෙත රැගෙන ගිය බවයි.

රෝහල් ගත කරන ලද ලාලනීගේ විදේශ ගමන් බලපත්‍රය,ජංගම දුරකථනය සහ ඇය එරටට ගොස් සිට්ටුවකින් ලබා ගත් බව කියන රුපියල් ලක්ෂ 12 ක පමණ මුදලක්ද එම කාන්තාව සතුව ඇති බවද එම අවස්ථාවේදී පවසා තිබෙනවා.

එතැන් සිට එම කාන්තාව මෙරටට ඇමතුම ලබා ගත් ලාලනීගේ ජංගම දුරකථනය අක්‍රීයව පවතින බවද දරුවන් පැවසුවා.

එමෙන්ම ඇය සම්බන්ධයෙන් කිසිඳු ආරංචියක් නොමැති බවද ලාලනීගේ දරුවන් කියා සිටියා.

වෙනත් අයෙකු විසින් රෝහල් ගත කර සිටින ලාලනීගේ තත්ත්වය දැක්වෙන වීඩියෝවක්ද එවා ඇති බවත් වාර්තා වනවා.

තමන් විදේශ සේවා නියුක්ති කාර්යංශයට ගොස් මේ සම්බන්ධයෙන් පැවසූ විට ඔවුන් පවසා සිටියේ ලාලනී ප්‍රතිකාර ලබන රෝහලේ වියදම ලෙස රුපියල් ලක්ෂ 30 ක් හෝ ඊට වැඩි මුදලක් ගෙවීමට සිදු වන බවයි.

නමුත් ඉතාමත්ම දුප්පත් තත්ත්වයේ සිටින තමන්ට එතරම් මුදලක් සොයා ගැනීමට නොහැකි බවද ලාලනීගේ දරුවන් කියා සිටියා

මෙම තත්ත්වය නිසා රෝහල් ගත කර සිටින තම මවව නැවතත් මෙරටට ගෙන්වා දීමට කටයුතු කරන ලෙස වගකිව යුතු අයගෙන් තමන් ඉල්ලා සිටින බවද එම දරුවන් කියා සිටියා.