Friday, April 19, 2024

General line - 0115112241

හිටපු ජනපති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කියයි




පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වූ යෝජනාවලිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අදහස් දක්වා තිබෙනවා.

එමගින් ෆෙඩරල් සංකල්පය තහවුරු වන බව පවසන හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ අදාළ ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියට කිසිසේත් එකඟ විය නොහැකි බවයි.

යෝජනාවලිය මගින් උතුරු - නැගෙනහිර පළාත් එක් ඒකකයක් ලෙස පිළිගත යුතු බවට කර ඇති යෝජනාවට මෙන්ම, පළාත් ආණ්ඩුකාරවරුන් සතු විධායක බලතල පළාත් අමාත්‍ය මණ්ඩලය වෙත පැවරීමේ යෝජනාවට ද හිටපු ජනාධිපතිවරයා සිය විරෝධය පළ කළා.

නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ වත්මන් ව්‍යවස්ථාවේ පළාත් ඉඩම් බලතල සම්බන්ධයෙන් පවතින ස්ථාවරත්වය වෙනස් කිරීමට යෝජනා වී ඇති බවයි.

ඉන්දීය ව්‍යවස්ථාවෙන් පවා එරට මධ්‍යම රජයට ඕනෑම ප්‍රාන්තයක ඕනෑම ඉඩමක් අවශ්‍යතාව මත පවරා ගැනීමට ඉඩ සලසා ඇති බව හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළා.

අදාළ යෝජනාවලිය මගින් සිංහලෙන් ඒකීය යන වචනය තවදුරටත් භාවිත කළ ද, ඊට අදාළ යුනිටරි යන ඉංග්‍රීසි වචනය සහ සංකල්පය නව ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට යෝජනා කිරීම ජනතාව නොමඟ යැවීමක් ලෙස ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සය නිවේදනය මගින් පෙන්වා දුන්නා.