Thursday, April 25, 2024

General line - 0115112241

ලාහෝර් ගමන ස්ථිරයි (PHOTO)

කසුන් කැළුම් අබුඩාබි සිට




පකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් 20 යි 20 තරගය පකිස්ථානයේ  ලාහෝර් නුවරදී පැවැත්වීමට  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම තරගය ලබන 29 වනදා පැවැත්වීමට නියමිතව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

ආරක්ෂක හේතුන් මත මෙම තරගය වෙනත් රටක පවත්වන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පසුගියදා ක්‍රිකට් ආයතනයට ලිපියක් භාරදුන්නා.

කෙසේ වෙතත් 20 යි 20 නායක උපුල් තරංග ද ආරක්ෂක හේතුන් මත මෙම තරගාවලියෙන් ඉවත්වන බව ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වුනේ.