Friday, April 26, 2024

General line - 0115112241

හදිසියේ රැස්වන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්




ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් අද (16) පැවැත්වෙනවා. දේශපාලන ආරංචි පැවසුවේ කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදි පස්වරු 06ට මෙම සාකච්ඡාව ආරම්භ වන බවයි.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂවල නායකයින් ඊට සහභාගී වනු ඇතැයි ද දේශපාලන ආරංචි පැවසුවා.

ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇති. එම මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව කටයුතු කිරිමට ලැබී ඇති ආරාධනා සම්බන්ධයෙන් ද ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.