Friday, April 19, 2024

General line - 0115112241

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වළක්වාලීම සඳහා ගත හැකි ඕනෑම පියවරක් ගැනීමට සූදානම්



නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා දැනට ඉදිරිපත් කර ඇති යෝජනාවේ විසඳාගත යුතු ප්‍රශ්න කිහිපයක් හඳුනාගෙන ඇතැයි සමාජවාදී ජනතා පෙරමුණ පවසනවා.

එහි ප්‍රධාන ලේකම් රාජා කොල්ලූරේ, ඊයේ (16) රාත්‍රි ප්‍රචාරය වූ නෙත් එෆ්එම් අන්ලිමිටඩ් වැඩසටහනේදී ඒ පිළිබඳ කරුණු දැක්වූවා.

ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර ද මෙම සාකච්ඡාවට සහභාගි වුණා.

ඔහු පැවසුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වූ වත්මන් වැඩපිළිවෙළ වළක්වාලීම සඳහා ගත හැකි ඕනෑම පියවරක් ගැනීමට ජාතික නිදහස් පෙරමුණ කටයුතු කරන බවයි.

ඊයේ  (16) රාත්‍රි ප්‍රචාරය වූ නෙත් එෆ්එම් අන්ලිමිටඩ්  සම්පූර්ණ වැඩසටහන මෙතැනින් අහන්න.