Thursday, April 25, 2024

General line - 0115112241

එකම අවස්ථාවකදී ශුරයන් වූ ලොව පළමු විවාහක යුවළ




ලොව ප්‍රධාන පෙළේ තරගාවලියකදී එකම දිනයක විවෘත කාන්තා ශූරතාව හා විවෘත පිරිමි ශූරතාව හිමිකරගැනීමට ඊජිප්තු යුවළක් සමත්වී තිබෙනවා.

ලෝකයේ ප්‍රධාන පෙළේ තරගාවලියක් ජයග්‍රහණය කළ පළමු යුවළ ලෙසද මොවුහු ඉතිහාසගත  වන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.

පිරිමි ශූරතාව අලි ෆරාග් (25) වියැති හා කාන්තා ශූරතාව එල් ටායිබේ (24) වියැති මෙම යුවළ දිනාගත්තා.

එල් ටායිබේ පසුගියදා පැවැති කාන්තා අවසන් තරගයේදී රානීම් එල්. වෙලීලේ 3-2ක් ලෙස පරාජයට පත්කළ අතර, ඉන් පැය කිහිපයකට පෙර අලි ෆරාග් පිරිමි අවසන් තරගය ජය ගත්තේ මොහොමඩ් ශෝර්බැගී 3-0ක් ලෙස පරාජයට පත්කරමින්.