Wednesday, April 24, 2024

General line - 0115112241

පොලිස් නිලධාරියා හප්පා 'පළා යන ලොරිය' nethnews.lk කැමරාවේ පටිගතවූ අයුරු (VIDEO)

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට




අම්බලන්තොට නගරයේ පාලම අසලදී රාජකාරියේ නියලී සිටි පොලිස් සහායක  නිලධාරියෙකු බන්ධනාගාර නිලධාරීන් ගමන් ගත් කැබ් රථයක ගැටීමෙන් ඊයේ (16) රාත්‍රී 10 ට පමණ   එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා .

   මෙසේ මියගොස් ඇත්තේ අම්බලන්තොට පොලිසියේ සේවය කල පොලිස් සහයක නිලධාරියෙකු වන අතර ඔහු වේගයෙන් පැමිණි වාහනයක් නතර කිරීම සඳහා මාර්ගයට පිවිසි අවස්ථාවේ මෙම කැබ් රථයේ ගැටී  ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ කැබ් රථය කොළඹ බන්ධනාගාර මුලස්ථානයට අයත් එකක් වන අතර රිය අනතුර සිදුවන අවස්ථාවේ එහි බන්ධනාගාර සහකාර අධිකාරිවරයෙකු ද ගමන්ගෙන තිබෙනවා.

 කැබ් රථයේ  වැදීමත් සමග කැබ් රථයට විරුද්ධ  දිසාවෙන් ගමන් කල තවත් කුඩා ලොරියක  මෙම නිලධාරියා ගැටී ඇති අතර එම ලොරි රථය පලා ගිය අතර එම පලායන ලොරි රථය nethnews.lk වාර්තාකරුගේ   කැමරාවේ  පහත පරිදි පටිගතව තිබුණා.

(මෙම වීඩියෝවේ මුල් කොටසේ දැක්වෙන්නේ පලායන ලොරි රථයයි)