Thursday, April 25, 2024

General line - 0115112241

රක්කා නගරයත් අයිඑස් කැරළිකරුවන්ට අහිමි වෙයි




අයිඑස් ත්‍රස්තවාදීන් විසින් යටත් කරගෙන සිටි සිරියාවේ රක්කා නගරය යළිත් සිය පාලනයට නතු කරගැනීමට අමෙරිකා-සිරියා ඒකාබද්ධ හමුදාවන් සමත් වී තිබෙනවා.

රක්කා නගරය අයිඑස් ත්‍රස්තවාදීන්ගේ ප්‍රධානතම බලකොටුවක් වූ බවයි විචාරකයන් පවසන්නේ.

අමෙරිකා-සිරියා ඒකාබද්ධ හමුදාවන් විසින් මුදාගැනුණ ද අයිඑස් ත්‍රස්ත නායකයන් පිරිසක් තවමත් එහි සැඟවී සිටින බවට ද සැකකෙරනවා.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් කි්‍රයාත්මක බවයි සිරියානු වාර්තා පැවසුවේ.